Pages

Friday, April 14, 2017

2017 MAY

හිරෝෂීමාවට දැමූ බෝම්බයට පමනක් දෙවැනි වූ රාත්තල් 21600 ක් බර Massive Ordnance Air Blast හෙවත් Mother Of All Bombs නම් සුරතල් නමින් හඳුවන බෝම්බය සෑදීමට පටන් ගත්තේ 2002 වසරේදීය. එහි TNT (ට්‍රයි නයිට්‍රො ටොලුවින් )රාත්තල් 18000 ක් අඩංගුය,
Make America Strong Again මෙය පසු ගිය ඇමරිකානු මැතිවරණයේදී ට්‍රම්ප් සහ ට්‍රම්ප් හිත්වාදීන්ගේ ප්‍රධාන සටන් පාඨය විය.

අපට භූගෝලය/සමාජ අධ්‍යනය ඉගැන්වූ තද බල ඇමරිකානු විරෝධියෙක් වූ තිලකරත්න ගුරු මහතා, අපට කියා දුන්නේ. විවිධ අවි ආයුධ නිපදවන ඇමරිකාව, එම අවි අත්දා බැලීමට , NGO සහ CIA එක හරහා ලෝකයේ කොහේ හෝ රටක යුද්ධයක් නිර්මාණය කරන බවය.දින කීපයකට පෙර ඇමරිකන් හමුදාව සිරියාවට Tomahawak Cruise මිසයිල 59 ක ගුවන් ප්‍රහාරයක් එල්ල කළේ , සිරියාවේ රජය රසායනික අවි යොදා ගෙන ප්‍රහාරයක් එල්ල කොට අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීමේ වරදට දඬුවමක් වශයෙනි.

එහෙත් සිරියාව පවසන්නේ එම රසායනික ප්‍රහාර කතාව ගොතන ලද එකක් බවය.